රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර ඊයේ (13) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීමට තරම් තීරණයක් ගැනීම ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බවයි.
වාර්තාවන ආකාරයට ඊයේ පැවැති සාකච්චාවේ විශ්ලේෂණ වාර්තාවක් අද දින ජනාධිපතිවරයා හට ඉදිරිපත් කොට ඒසදහා ජනාධිපතිවරයා විසින් දේශපාලනික පිළිතුරක් අද දිනය තුල ලබා දෙන බව එම සාකච්ඡාවට එක්වූ නිලධාරීන් විසින් වෘත්තීයවේදීන් වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.
ඊයේ (13) පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී තිබේ.
