නේපාලය දෙතැනකින් සෙලවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නේපාලයේ පැය දෙකක පමණ කාලයක් තුලදී  භූ කම්පන දෙකක් සිදුව ඇති බවයි.

ඉන් පළමු භූ කම්පනය  රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් හටගෙන ඇති බවත් ඉන් පැය දෙකකට පමණ පසු  දෙවන භූ කම්පනය  රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් හටගෙන ඇති බවත් සදහන්වේ.

භූ කම්පනය හේතුවෙන්  සිදුව ඇති ජිවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරු වාර්තා වී නොමැති බවත් මෙම භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික කිහිපයකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Exit mobile version