රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රඳවා ගැනීමේ බද්ද හේතුවෙන් පොලිය ලබා ගැනීමේ දී මුහුණ දුන් ගැටලු විසඳීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 1944 ක්ෂණික දුරකථන අංකය වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී .
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවුණද රුපියල් රු.100000 ට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය පොලී මුදල් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
