පොලිස්පතිවරයා විසින් පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයන් 35 ක් මිලදී ගැනීමට ලංසු කැඳවා ඇති බවට වාර්තා වේ.
අපරාධ මර්දනය, පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සුවිශේෂී පුහුණුව ලත් නිල සුනඛයන් මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සිටින නමුත් ඇතැම් සුනඛයන් වයසට යෑම සහ සැලකිය යුතු සුනඛයන් සංඛ්‍යාවක් මිය යාම නිසා මෙලෙස මිලදී ගන්නා බවට පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මේ වනවිට පොලිස් නිල සුනඛයන් හාරසියයක පමණ සංඛ්‍යාවක් සිටියත් වැඩිදුර අවශ්‍යතාව මත මෙම පියවර ගෙන තිබෙන බවද හෙතෙම පවසා තිබේ.
මේ අනුව සුනඛයන් සැපයීමට හැකි ලංසුකරුවන්ට මුද්‍රා තබන ලද ලංසු අයදුම්පත් ලබන මස 20 වැනිදාට පෙර පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ යුතු අතර ඒ සඳහා රුපියල් හයලක්ෂ තිස්පන්දහස් එකසිය පනහක ලංසු බැඳුම්කරයක්ද අයදුම්කරුවන් විසින් සිදුකළ යුතු බව සදහන්.
