කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන් 150 දෙනෙකු සදහා නව නිවාස ලබාදීමට අදාල හිමිකම් ප්‍රධානය ප්‍රවාහන ,මහාමාර්ග හා ජන්මාධය්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදූ වූ බවට වාර්තා වේ.
ආසියානු බැංකු ආධාර යටතේ බලපෑමට ලක් වූ පුද්ගලයන් සදහා මෙම නිවාස හිමිකම් ප්‍රධානය කර ඇති බවත් මාලිගාවත්ත- ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හී ඔවුන්ටද නව නිවාස ලබා දීමට සැලසුම් කර ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
