නව පොලිස්පති ලබන සතියේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන අතර නව පොලිස්පතිවරයා ලබන සතියේ දී පත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මීළඟ පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන , දේශබන්දු තෙන්නකෝන් , ලලිත් පතිනායක , ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර පොලිස්පති ධූරය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්දැයි යන්න තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් , ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සඳහන් වේ.

එමෙන්ම පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා කරන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතුව තිබේ.

Exit mobile version