නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වසා දැමේ.

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇති.

Exit mobile version