ගෑස් මිල සංශෝධනය අද.

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බවට ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය අගෝස්තු මස 4 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිතව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණි.

ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982ක මිලකට අලෙවි වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198කට හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561ක මිලකට අලෙවි කෙරේ.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

Exit mobile version