GSP + තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට ප්‍රකාශ කෙරේ.

යුරෝපා සංගමයේ GSP + තීරුබදු සහනයට අදාළ නව රෙගුලාසි  හෙට (09) දිනට යෙදී ඇති යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසි වාරයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වන අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානතවය දරණ බව සඳහන්.

Exit mobile version