බිත්තර ගැන අලුත් කතාව.

පසුගිය 14 වන දා දිවයිනට රැගෙන ආ බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර එම තොගයේ සාම්පල  අද (22) දිනයේ ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බේකරි කර්මාන්තකරුවන් සඳහා බෙදා හැරීම සිඳුවන ආනයනික බිත්තර අනෙකුත් දිස්ත්‍රික්කවලට ලබා දීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වන තෙක් අවසර ලබා දී නොමැති බවත් , ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන දෙකක ප්‍රමාණයක් ලබන සතියේ දිවයින වෙත ගෙන ඒමට නියමිත බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version