මැයි මාසය අවසන් වීමට මත්තෙන් විද්‍යාපීඨ සඳහා නව සිසුන් බඳවා ගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (28) පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම විද්‍යාපීඨ සිසුන් සඳහා පිරිනමන රුපියල් 5000ක දීමනාව සහ රැකියාව ලැබුණු පසු ලබා දෙන රුපියල් 15,000ක ණය මුදල ද පිරිනමන බවත් , මේ වන විට නව සිසුන් බඳවා ගැනීම සඳහා දිස්ත්‍රික් පදනමින් අයඳුම්පත් කැඳවා , සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවත් , එහි ඇගයීම් කටයුතු අවසන් අදියරයේ තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
