පසුගිය මැයි මාසයේ දී වට්සැප් විසින් චැට් ලොක් විශේෂාංගය හඳුන්වා දීම සිදු කළ අතර ඉන් පරිශීලකයින්ට මුරපදයක් හෝ ඇඟිලි සලකුණක් හරහා සිය චැට් ආරක්ෂා කර ගැනීමට හැකි විය.
එම විශේෂාංගය “ලොක්ඩ් චැට්ස් (Locked Chats)” ෆෝල්ඩරය ඔස්සේ ලබා ගත හැකිය.
තවද මීට අමතරව ආරක්ෂාවක් ලබාදීමට වට්සැප් විසින් චැට් ලොක් සඳහා “සීක්‍රට් කෝඩ් (Secret Code)” නමින් නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙය ඉදිරි මාසවලදී සියලුම පරිශීලකයින්ට ලබාදීමට නියමිත බව වාර්තා වේ .
