ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති අතර, ලාගාර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බවයි.
නිව්යෝ(ර්)ක් ආණ්ඩුකාරවරිය ජනතාව ගෙන් ඉල්ලා ඇත්තේ, ආරක්ෂිත ව සිටීමට පියවර ගන්නා ලෙසත් කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙසත්ය.
නිව්යෝ(ර්)ක් නගරය හා ඒ ආශ්‍රිත පොදු ප්‍රවාහන පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
නිව්යෝ(ර්)ක් නගරයට මෙන්ම නිව් ජර්සි යන නගරවලට ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
