අමාත්‍ය ධූර සංශෝදනයක් ගැන ආරංචි.

මෙම මාසය තුළ අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් කතාබහක් මතුව ඇති අතර එය සිදුවන කාලවකවානුව සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන් .

මීට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගතවීමට සුදානමින් සිටීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍ය ධුර 08ක් පිරිනැමීමේ හැකියාව පවතින නමුත්  කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධුර 4ක් අලුතෙන් ලබාදෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

බොහෝවිට නව අමාත්‍යධුර සකස් කිරිම දැනට අමාත්‍ය ධුර දරන පුද්ගලයින්ගේ විෂයන් ඉවත් කරමින් සිදුවනු ඇති බවත් , පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද වෙනසක් සිදුවනු ඇති බවත් ,  රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරීමය ගැටලු සම්බන්ධයෙන් මත ගැටුමක් මතුව ඇති බවත් වාර්තා වේ.

 ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදිී ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. ඉදිරියේ දී සිදුවන කැබිනට් සංශෝධනයේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත්  සඳහන් කර තිබේ.

Exit mobile version