වළ දමා තිබූ මළසිරුරක්.

ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (07) දහවල් සොයා ගත් බවට වාර්තා වේ.

පසුගිය 05 වනදා සිට එම ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇති අතර එම තරුණයාගේ මළ සිරුර විය හැකි බවට පොලිසිය සැක පළ කරනු ලබයි .

මෙම මළ සිරුර ඝාතනය කිරීමෙන් අනතුරුව වළ දමා ඇති බවට පොලිසිය ප්‍රකාශ කරයි.

Exit mobile version