ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ස්ටේට්පුර ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු නිලන්ති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (08) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ,ඇය ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 50ක් සහ රුපියල් 23000ක මුදලක් ද පොලිස් භාරයට ගනු ලැබූ බව සදහන්.
44 හැවිරිදි ඇය වැඩිදුර විමර්ශණ සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාරදී තිබේ.
