මේ වනවිට පවතින අයහපත් කාලගුණය හමුවේ වැඩිම ජලගැලීම් වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා ගඟේ ද්‍රෝණිය අවට පහත්බිම්වලට තවදුරටත් ගංවතුර පවතින අතර වර්ෂාව වැඩිවුවහොත් එය සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි.
ඒ අනුව සැලකිය යුතු ඉහළ වර්ෂාවක් ලැබුණොත් නිල්වලා ගඟේ ආරක්ෂක බැමි, ඇතැම් ස්ථානවලින් ජලය උතුරායෑමේ අවදානමක් මතුවන බවට අනතුරු අඟවා තිබේ.
එබැවින් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබේ.
නිරිතදිග මෝසම සක්‍රීයවීමෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට තවදුරටත් බලපෑම් එල්ලවෙමින් පවතී.
පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 13,627 කට අයත් පුද්ගලයින් 55,780ක් පීඩාවට පත්වී සිටි.
ආපදාවට ලක්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 41,951කි.
