මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද (14) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 26 ත් අතර වයසේ තරුණයන් පිරිසක් බව සදහන්.
රාත්‍රි 12 න් පසුව ගාලුපාරේ යතුරුපැදි රේස් පදින බවට ලද තොරතුරක් මත තැන තැන සැගව සිටි පොලිස් කණ්ඩායම , රාත්‍රි 12.30 ට පමණ ගොරකපොල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට තරගය ආරම්භ කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන යතුරුපැදි හතරක් භාරයට ගත්බවට උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.