ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ උඩහමුල්ල ප්‍රදේශයේදී ඒ මහත්මිය අනතුරට ලක්ව ඇති බවයි.
එම මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෝටර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබේ.
