නිසාන් මෝටර් රථ දැවැන්ත තීරණයක් ගනී.

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

යුරෝපයේ අලෙවි කෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීම එම සමාගමේ අරමුණ බව සදහන්.

මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය ගෙන තිබූ තීරණය 2035 දක්වා කල්දමා ඇති බව වාර්තා වේ.

නිසාන් සමාගම සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ එක්සත් රාජධානියේ තීරණය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

මේ අතර නිසාන් සමාගමේ ප්‍රධානියා පවසන්නේ තමන් ගත් තීරණය නිවැරදි බවයි.

මෙම දශකය නිමා වීමට පෙර නව බැටරි තාක්ෂණයක් හඳුන්වාදීමටත් නිසාන් සමාගම සැරසෙයි.

එමගින් විද්‍යුත් මෝටර් රථ වල මිල අඩුවෙතැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ.

Exit mobile version