මුදලට පමණක් තෙල් තොග නිකුත් කෙරේ.

No credit only cash තෙල් සංස්ථාව ෂෙඩ් වලට දන්වයි!

තෙල් සංස්ථාව විසින් මුදලට පමණක් තෙල් තොග නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මෙතෙක් ක්ෂණික
මුදල් නොවන චෙක් පත් හරහා තෙල් තොග වෙළඳාම් කළ මාස දින ගණනාවකට පසුව සංස්ථාවට මුදල් ගෙවීමට හුරු වී සිටින ෂෙඩ් හිමිකරුවන් නොසන්සුන් වී සිටින බවද වාර්තා වේ.

ඉදිරි දින කිහිපය තුළ රටේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ඛණිජ තෙල් කරුවන්ගේ සංගමය අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමක ය.

තෙල් පමණක් නොව බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරිනු ලබන තොග වෙළදුන්ට මව් සමාගම් විසින් මාස එකේ සිට හයක් වැනි දීර්ඝ කාලයක් (චෙක් පත් සුරැකීමට තබා ගෙන හෝ බෑන්ක් ගැරැන්ටිය මත )ණය සහන ලබාදීම මෙරට වෙළෙඳ පොලේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ .

( සරත් සමරනායක )

Exit mobile version