කටවුට් , පෝස්ටර් එපා – ජනපති .

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසත් , සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ජනාධිපතිවරයා සදහන් කළේ කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බවයි.

Exit mobile version