ලංකා විදුලි පුද්ගල්ක සමාගම විසින් සිඳු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගරය වෙත සැපයෙන විදුලි සැපයුම් අත්හිටුවීමට සිඳු වන බැවින් කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද (08) පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා පැය 10 ක කාල සීමාවක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය , මොරගස්මුල්ල , රාජගිරිය , ඔබේසේකරපුර , බණ්ඩාරනායකපුර , අතුල්කෝට්ටේ , නාවල , කොස්වත්ත , රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා වූ ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන්හි ජල සැපයුම අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ.
මෙසේ සිඳු කරනු ලබන ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
