“අවුරුද්දට දත් ගැලවෙන ක්‍රීඩා එපා”-සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය

දෑත් පිටුපසට බැද දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සව සදහා ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙන බව වාර්තා වේ.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ.

ඇය පවසන්නේ දෑත් බැද දිවීම වැනි ක්‍රියා හේතුවෙන් අනතුරකට ලක්ව ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බවයි.

මෙවැනි අනතුරක් සිදු වුවහොත් කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක ,සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණය බහා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යා යුතු බවද ඇය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි .

Exit mobile version