ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට.

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවූ බව වාර්තා වේ.

ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිනි.

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාව වනු ඇත්තේ ද ගෝල්ඩින් ය.

77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන බව සදහන්.

Exit mobile version