නාමික බෞද්ධයන් කැළඹූ විවාහක යුවලක් දරුවා අත් හැර පැවිදි වීම සහ ධර්මයෙන් පිළිතුරු (විඩියෝ )

මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය කළඹමින් තම දරුවා අත්හැර විවාහක යුවලක් මහණ වීම පිළිබඳව අන්තර්ජාලය තුළ ඡායාරූපයක් සංසරණය විය.එහිදී නූගත් නාමික බෞද්ධ නොහොත් බුදුදහම කෙරෙහි දැනුමක් නැති නාමික බෞද්ධ ජනතාව සහ තරුණ තරුණියන් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ට එරෙහිව දැඩි අප්‍රසාදය පළ කරන ලදි .

මේ පිළිබඳව අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් එම දරුවාගේ ගිහි කළ පියා ලෙස සිටි දැන් මහණ දිවියට පත්ව සිටින ගෝසිංහ වන අරණේ කස්සප තිස්ස හාමුදුරුවන් සහ එම වන අරණේ නායක ස්වාමින් වහන්සේ සාකච්ඡාවකට එක්වෙමින් සියලු කරුණු පහදා දෙන ලදි.

එම සාකච්ඡාව පහතින් ඔබට කියවා දැනගත හැක.

ප්‍ර:
ඔබ වහන්සේ විතරයි මෙතන වැඩ සිටින්නේ මෙහෙණින් වහන්සේ එකතු කරගන්න බැරි උනාද?

පි:
අපි දැන් මේ ඉන්නේ ස්ථානය ගෝසිංහ වන ආරණ්‍ය එතකොට මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නේ පිරිමි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානයේ නෙවෙයි. ඒ අයට පැවිදි බිමට ඇතුල් වෙන්න සුදුසු ස්ථානයක් සොයා ගන්න බැරි වුන නිසයි ඉඩකඩම් පවා හැමදේම දන්දීලා බුද්ධ ශාසනයට ඒ වෙනුවෙන් ආරණ්‍යයක් පූජා කලේ.

ප්‍ර:
එතකොට අපි ඉන්න ස්ථානය ඉඳන් සෑහෙන දුරක් යන්න ඕනේ එතනට.

පි:
කිලෝ මීටර් 20ක් විතර.

ප්‍ර:
එතකොට අපේ හාමුදුරුවනේ ඊළඟට කට්ටිය අහන ගැටලුව දරුවාට මොකද උනේ කියලා. මං මගේ ප්‍රශ්න ටිකට එන්න කලින් අද සමාජයේ ඇසෙන ප්‍රශ්න ඔබ වහන්සේගෙන් අහන්නෙ අපේ අයට හොඳ පිළිතුරක් ලබාදෙන්න බලාපොරොත්තුවෙන්.

පි:
මෙහෙමයි ඒ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය නෙවෙයි ඒක ඔබතුමාලගේ ප්‍රශ්නයක්.

ප්‍ර:
ඇත්තටම අපේ හාමුදුරුවනේ ගිහි ජීවිතයත් විවාහ ජීවිතයත් අත්හැරලා දෙදෙනාම පැවිදි ජීවිතයට එන්න ඕන කියලා හිතුනෙ කොහොමද? ඒ දේවල් සිද්ධ වුණේ කොහොමද? සාමාන්‍යයෙන් අපි අහල තියෙනවා සමහර කට්ටිය කියනවා ජීවිතේ කලකිරිලා තියෙන්නෙ මහණ වෙන්න ඕනේ කියලා. එතකොට එහෙම කලකිරිලා මහණදම් පුරන්න හිතිච්ච දෙයක් ද අපිට කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න.

පි:
මෙහෙමයි මම හිතන විදිහට කලකිරීමෙන් පමණක් පැවිදි දිවියට ආවොත් ආපහු ගිහි ජීවිතයට යන්න වෙයි. කලකිරීම අවශ්‍ය නෑ කියන්නෙත් නෑ .කලකිරීම අවශ්‍යයි අවබෝධය සඳහා ළඟාවීමට. කලකිරීම තුළින් අවබෝධය කරා ළඟා වෙලා තමයි ශ්‍රද්ධාව උපදවාගෙන මේ වගේ ජීවිතයකට පැමිණෙන්න ඕනි ගිහි ජීවිතේ ඔබතුමන්ලා සැපයි කියලා හිතන් ඉන්නවා හැබැයි ඒක නෙමෙයි සැපය.

ප්‍ර:
එතකොට අපේ හාමුදුරුවනේ පැවිදි ජීවිතයට එන්න හේතුව කුමක්ද? එය සිද්ධ වුණේ කොහොමද? අපිට කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

පි:
දැන් එතකොට ඔබතුමා ප්‍රකාශ කරන කොට්ඨාසය ඇවිල්ලා කොටස් දෙකකින් එක් කොට්ඨාසයක් එක් පිරිසක් ඒ සිද්ධිය දිහා බලලා සාධුකාර දුන්නා තවත් පිරිසක් විවේචනයට ලක්කරා එතන ශ්‍රද්ධාවන්තයින් කොටසක් ඉන්නවා.ඔවුන් සාධුකාර දුන්නා අනිත් කොටසට අඥාවන්තයින් කියලා පාවිච්චි කරන්නේ නෑ. ඒ අයගේ පැත්තේ තමා මාත් ඉන්නේ .ඒ අය හරි ඒ අය සිතන ආකාරය අනුව මනසේ සිටින තැන අනුව ඒ වෙලාවේ දී ඔවුන්ට ලැබෙන එකම උත්තරේ ඒක තමා මම හිටියෙත් එතන තමයි .වෙනත් ස්ථානයක නෙමෙයි එතකොට ඔය බැම්ම ලිහන එකයි අමාරු වැඩේ. ඒ ප්‍රශ්නය යෝජනා කරන අයත් සිර වෙලා ඉන්නෙ එතනම තමා. ඉතින් ඔය පැවිදි ජීවිතයට එනවා කියන එක මේ අවස්ථාවේ සිදු වුණේ හදිසි තීරණයක් මත නොවේ. සැලසුම තිබුණේ 2032 වර්ෂයේ පැවිදි දිවියට එන්න දෙදෙනාගේම එකඟතාවය මත. එයට හේතු වුණේ දරුවා පුංචි වැඩියි කියන එක. පුංචි දරුවා අධ්‍යාපනය ලබන ගමන් දරුවාට කාටුන් එකක් බලන්න අවශ්‍ය බව කිව්වොත් ඔබ දරුවාට කාටුන් බලන්න දෙනවා.හැබැයි එයාට කාටුන් එකක් බලන්න ඕනි කිවුවහම ලැබුණේ ධර්මානුකූලව යන වීඩියෝ ක්ලිප් ඒ ධර්මයෙන් පෝෂණය කිරීම සඳහාමයි. මේ අවස්ථාවේ අපිට මේ තීරණය ගන්න හැකි වුණේ දරුවාගේ කැමැත්ත මත .එකම ගැටලුව තිබුණෙ ඒක.ඒ කැමැත්ත ලැබුණා. දැන් ඔහුගේ තියන එකම ප්‍රශ්නය මං පැවිදි කළේ නැත්තේ ඇයි තාම.සමාජය නොදැක්ක දරුවෙක් ගැන විවේචනයට ලක්කරා. ඔබ දකින්න ඇති ඔය මහණ පිංකම video එකේ පැවිදි ජීවිතයට එළඹුන ටිකක් වයසින් වැඩි අම්මාවරුන් දෙදෙනකු ඔය මහණ පිංකමට සතියකට විතර කලින් පුංචි දරුවෙක් ධර්ම දේශනාවක් කරලා ඔය මෑණිවරුන් තුන්දෙනා ම ඇඩෙව්වා ඒ තමයි ඒ දරුවා.

ප්‍ර:
ඒ සංසිද්ධිය හින්දද ඒ මෑණිවරුණුත් පැවිදි ජීවිතයට එන්න තීරණය කරේ?

පි:
එක් පුද්ගලයෙක් පැවිදි ජීවිතයට එන්න බලපාන කාරණාව නෙමෙයි තවත් පුද්ගලයෙක්ට බලපාන්නේ .එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරද්දී දාහක් දෙනා ශ්‍රවණය කරානම් ඒ දහස් දෙනාම රහත් වෙන්න ඕන, සෝවාන් වෙන්න ඕන, සකෘදාගාමි අනාගාමි වෙන්න ඕන, එහෙම වුණේ නෑ. සමහරුන්ට ඒ ධර්මය ඇසුණෙත් නෑ. දැන් මේ වෙලා තියෙන්නේ අපි මේ ලිහලා දාලා ආව බැමි තවත් පුද්ගලයන් විසින් බාර ගන්නවා.

ප්‍ර:
අපේ හාමුදුරුවනේ එතකොට පුංචි පුතා පැවිදි ජීවිතයට “ඇයි මාව පැවිදි කරේ නැත්තේ ඇයි” කියලා සිතනවා ඇති කිව්වා .එතකොට ඒ සම්බන්ධයෙන් අපි පොඩි දෙයක් කිව්වොත්.

පි:
ඇත්තටම පැවිදි කරන්න තිබුණා. පුංචි ගැටලුවක් පැන නගිනවා. මොකද පැවිදි ජීවිතය කියන්නේ අපි ගිහියන් විදිහට හිතලා අපිට අවශ්‍ය විදිහට හැසිරෙන්න පුළුවන් ස්ථානයක් නෙවෙයි කියලා නිවන් දකින්න බෑ. මේක ගැඹුරු කතාවක් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේම ආවොත් විතරයි අපිට ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ .ඉතින් එතැනදී ආහාර සම්බන්ධව ගැටලුවක් ආවා. එතකොට දරුවා පැවිදි කරාට පස්සේ දානෙ වළඳන්න වෙන්නේ සාමාන්‍ය රටාවට වඩා වෙනස් ආකාරයකට ඉතින් ඒකට පිළියමක් සොයන්න ඕනේ කොහොමද? එයා ඒත් හුරු කරන්නේ කියලා. ඉතාම කෙටි කාලෙකින් එයා හුරු වෙයි කියලා හිතනවා හුරු වුනාට පස්සේ එයාව පැවිදි කරනවා .බලන් ඉන්න අයට ආරාධනා කරනවා ඒ සිද්ධිය රස විද විද ඉන්නෙ නැතුව තමන්ගේ ජීවිතේ හිර වෙලා තියෙන්නේ නතර වෙලා තියෙන්නේ කොතනද කියලා සොයා ගන්න. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා වලින් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමා අද ආව එක හොඳයි. ගිහි ගෙයින් නික්මිලා මේ වගේ වනාන්තරයකට ඇවිල්ලා තියෙන්නෙ සියලුම දේවල් පූජා කරලා කැපවීමක් කරලා .මේ වගේ ස්ථානයකට ආවේ. මේ උතුම් බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙහි හැසිරෙන්න. ගිහිගෙයට වඩා නිදහස් පාරක් ලෙස මේ පැවිදි ජීවිතය දකින නිසයි. අතෑරලා දාපු දේවල් ඔබට ගැටළුවක් වෙලා නම් ඒ ගැටලුව ඔබ ලිහාගන්න. නිතර නිතර මේ ආරණ්‍ය සේනාසනයට ප්‍රයෝජනයක් නැති විදිහට නැත්නම් ඒකෙ රසයක් විදින්න බලාපොරොත්තුවෙන් මින් ඉදිරියට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. මොකද මෙම ස්ථානයේ වැඩ සිටින්නේ පින්වත් ස්වාමීන් වහන්සේලා. උන් වහන්සේලා නිතර ධර්මය දේශනා කරනවා, ධර්මයේ හැසිරෙනවා, බණ භාවනා කටයුතු කරනවා.මම මෙතනට ආවෙත් ඒ දේවල් ටික කරගන්න නමුත් ඔබ නිතරම මෙය චිත්‍රපටියක් නාට්‍යයක් ලෙස දැක්කොත් එය මගේ ධර්මය හැසිරවීමේ ජීවිතයටත් බණ භාවනා කටයුතු වලටත් පුංචි බාධාවක් වෙන්න පුළුවන් ඒ නිසා ඉල්ලීමක් කරනවා .ආරණ්‍ය සේනාසනයට සම්බන්ධ වෙන්න කැමති අය පැමිණෙන්න, දන්දෙන්න ,සිල් රකින්න, දන්නැති දේවල් අහගන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලොකු මෙහෙවරක් කරනවා. මෙතනට උන්වහන්සේ වැඩියේ තනියම මැටි පුංචි කුටියක තමයි ඉස්සෙල්ලම වැඩ සිටියෙ. දැන් ස්වාමීන් වහන්සේලා 27ක් පමණ වැඩසිටිනවා ධර්මයේ හැසිරෙන්න .ඉතින් මගේ යෝජනාව පිළිගෙන මින් ඉදිරියට වෙන වෙන චැනල් වලින් එහෙමත් නැත්නම් මේකේ රස නිවුස් එකක් කරගන්න මේ ස්ථානයට පැමිණෙන්න එපා .ඒක මටත් අනිත් ස්වාමීන් වහන්සේලාටත් බණ භාවනා කටයුතු වලටත් බාධාවක් වන නිසා.

මෙහිදී සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝසිංහ වන අරණේ නායක ස්වාමින් වහන්සේ.

ප්‍ර:
විවාහ ජීවිතයට යොමු වෙලා දරුවකු සිටිද්දී ගිහි ජීවිතයෙන් ආවහම දරුවා අසරණ වෙනවා නේද? කියන කතාව හැමතැනම පැතිරුණා. ඒක ගැන අපි මොකද කියන්න ඕනි හාමුදුරුවනේ.

පි:
මුලින්ම අසරණ වෙනවා කියන එක ගැන මම කියන්නම්. කෙනෙක් අසරණයි සසර සැරිසරාගෙන යාමේදී කෙනෙක් අසරණයි ආයෙ ආයෙ ඉපදීමේදී කෙනෙක් අසරණයි. වයසට යාමේදී කෙස් පැහිලා ,දත් දිරලා ,අතපය වාරු නැති වෙලා, හම රැලි වැටිලා, කොන්ද කුදු වෙලා, තමන්ගේ අසූචි ගොඩේ මුත්‍රා ගොඩේ ලගින්න වෙන ජීවිතයේ ඒ වයසට යාම හමුවේ අසරණයි. ඒ වගේම අසරණයි ලෙඩ වීම හමුවේ කෙනෙක් අසරණයි මරණය හමුවේ ඒ වගේම නිරයේ උපදින්න වීම හමුවේ අසරණයි. ඒ වගේම ප්‍රේතයෙක් වෙන විදිහට කර්ම සලස්වලා ප්‍රේතයෙක් වීම හමුවේ අසරණයි. එසේම තිරිසන් ගත සතෙක් ලෙස ඉපදිම අසරණයි. එලෙස අසරණ සත්ත්වයාට පිහිට පිළිසරණ ලැබෙන්නේ තිසරණයෙන් නැතහොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙනි. පිරිසක් සරණ හෙව්වට මිල මුදල් වලින් මිල මුදල් වල ඔය කියන සරණ නෑ කෙනෙක් හෙව්වට යාන වාහනවලින් ඒ සරණ නෑ ඉඩකඩම් දේපලවලින් හෙව්වට ඒ සරණ නෑ ඒ හැම දෙයක්ම දිරනවා ඒ සෑම රූපයක්ම දිරනවා ඒ හැම දෙයක්ම කාලෙකට සීමා වෙනවා එතකොට මේ ධර්මයේ අර්ථය මම කෙටියෙන් කිව්වෙ ඒ අර්ථය දකින කෙනා ඊට වඩා උත්තම දෙයක් හොයනවා. ඒ සොයාගෙන යන ගමනේ සාර්ථකම විසඳුම තියෙන්නෙ ධර්මයේ ඒ තමයි නිවන් දැකීම එතකොට කෙනෙක් කියන්න පුළුවන් මැරිලා පලංචි අයටද මේ නිවන ලැබෙන්නේ කියලා නෑ ජීවත් වෙලා ඉන්න තමන්ට නිවන් දකින ප්‍රතිපදාවේ ගමන් කළොත් ඒ නිවන කරා ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා .එතකොට අල්ලාගැනීම නිසා උපදින යම් බන්ධනයක් ඇත්ද ඒ තුළින් ඇතිවන යම්තාක් පීඩා ඇත් ද ඒ පීඩාවක් වුවත් අතහැරලා දාපු කළට.

ප්‍ර:
අපේ හාමුදුරුවනේ එතකොට දැන් දරුවා ඉන්නෙ කොහෙද?

පි:
ඇත්තටම ඒ දරුවාට පවා හෙට පිළිසරණ ලබා දෙන විදිහේ ඒ දරුවාගේ ඥාති මාමා ස්වාමින් වහන්සේ කෙනෙක්ටත් දරුවටත් ඒ ධර්මය පොඩි කාලේ ඉඳන් ලබාදුන්නත් එදා මම පැවිදි වෙද්දී ගෙදර උදවිය විරුද්ධ වුණා. ධර්මය දන්නෙ නැති නිසා කාලයත් එක්ක එයාලත් ඒ ධර්මය දැන ගත්තා අපේ අප්පච්චි පොලීසියේ විශ්‍රාමික නිලධාරියෙක් ඇවිත් නැති වුණා නමුත් ඒ ඇත්තෝ ඒ වෙනකොට ධර්මය පුරුදු වෙමින් සිටියා මේ වෙනකොට එයා හිටියා නම් ඒ දවසේ පැවිදි බව ලබනවා එතකොට මම අම්මටත් සහෝදරියො දෙන්නටත් ධර්මය පුරුදු කරා ඒ අතර සහෝදරිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා උපාධි දෙකක් සතුව ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒ අය සේවය කරන අතරින් ධර්මය පුරුදු කර එයාගේ සැමියා ව්‍යාපාරිකයෙක් ඔහු ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කරන අතරෙත් ධර්මය පුරුදු කරා. එතකොට මගේ මෑණියන් නංගිගෙ දරුවත් බලාගෙන එයාටත් ධර්මය පුරුදු කරා. මේ පුරුදු කරන්න කරන්නයි අවබෝධය වත් ලැබෙන්නේ මේ වචනයක් ඇසූ පමණින් ධර්මය අවබෝධ වෙන්නේ නෑ ඒක ආයේ ආයේ මෙනෙහි කරනකොට ආයේ ආයේ ප්‍රතිපදාවේ යෙදෙන කොට සමථ විදර්ශනාව වශයෙන් වඩන කොටයි මේක අවබෝධ වෙන්නේ එතකොට එයාලටම තේරුණා මේ ගිහිගෙය කියන්නේ බාධක සහිත එකක් පැවිද්ද කියන්නේ හරි නිදහස් එකක් ධර්මය පුරුදු කර ගන්න පුළුවන් හොඳම පරිසරය නිදහස් පැවිද්ද තුළ තියෙනවා පැවිදිවීම තුළින්ම නිවන් දකින්න බෑ නමුත් පැවිද්ද කියන්නේ නිවන් දකින මග වඩන්න පුළුවන් සුන්දරම නිදහස් ගමන පුදුම දේ කියන්නේ මගේ නැගණිය ගේ පුංචි පුතා අනිත් දරුවන්ට සාපේක්ෂව ප්‍රඥාවන්ත එතකොට එයාලගෙ අම්මයි තාත්තයි හරිම සිල්වත් දෙන්නෙක්. ඒ දෙන්නා වෙන වෙනම එක්තරා කාරණයක් මට වරින් වර පැවසුවා. නංගි කිව්වා එතකොට ස්වාමීන් වහන්සේ මම අනෙක් බිරින්දෑවරුන් විඳින යම් දුකක් ඇත්ද සැමියා අයාලේ ගියා යැයි කියලා මම අපේ අයියා වෙන කාන්තාවක් දිහා නරකට බැලුවා කියලවත් මම දන්නේ නෑ ඒ දුක මට තේරෙන්නේ නෑ පොඩි වචන වෙනස් වීමකින් මල්ලි ඒ දේම කිව්වා ස්වාමීන් වහන්ස අපේ නංගි වෙන කෙනෙක් දිහා බැලුවා කියලා නම් මං දන්නෙ නෑ. මට ඒ දුක තේරෙන්නෙ නෑ ඇත්තටම ඉතින් ගිහි කාලේ නංගි හිටියේ අපි යටතේ එතකොට එහෙම ඉස්කෝලේ යන කාලේ එතකොට උසස් අධ්‍යාපනය හදාරන කාලෙවත් එයාගෙන් කාටවත් ප්‍රශ්නයක් ඇවිල්ලා නෑ එතකොට එච්චර සිල්වත්ව හිටපු දෙදෙනෙකුටයි ඒ පුතා බිහිවෙන්නෙත් අපිට හිතෙන්නේ එයා දෙව්ලොවක යම් ධර්මාවබෝධයකින් හිටපු දෙවියෙක් කියලා අවුරුදු හතරක් උනාට පුතා බණ කියනවනේ භාවනා කරනවනේ එබඳු ධර්මය ඇසෙන පුතාව ද මේ සාමාන්‍ය ධර්මයක් නොදන්න මිනිස්සුත් කෑ ගහ ගහ කියන්නේ ටීවී බලන්න දීපන්, කාමය හුරු කරපන්, ඒ මිනිස්සු ඒකෙන් ද පිළිසරණ සලසන්න කියන්නේ ඔවුන් පීඩා විද විද ඔවුන් ඒකෙම මුලාවෙලා උත්තම ධර්මයක් නොගෙන පව් රැස් කර ගන්නවා. ඉතින් අපරාධයක් කියලයි කියන්න තියෙන්නේ එතකොට මනුස්සයෙකුට ඕනතරම් වචන කතා කරන්න පුළුවන් හැබැයි ඒ කතා කරන වචනවලින් අකුසල් රැස්වෙන්නෙ. ඕක ගෙවන්න වෙනකොට ලේසි නෑ යම් විදිහකට කුසල් රැස් කරගන්න පුළුවන් නම් ඒ වචනවලින් එක හරි යහපතක් වෙනවා ඒ නිසා මේ දහම් පදය හැම කාලෙම අහන්න ලැබෙන්නෙ නෑ මේ දහම් පදය අහන්න ලැබුණු වෙලාවේ පිරිසක් සලසා ගත් පිහිට පිණිස ද සලසා ගන්න පුළුවන් වෙයි හැමෝම බලන් ඉන්න මේකෙන් පිළිසරණක් ලබා ගන්න. බල්ලෙක් උනාම ධර්මයේ හැසිරෙනවා කියලා එකක් නෑ ඌරෙක් කුකුලෙක් උනාම ධර්මයේ හැසිරෙන්න බෑ පෙරේතයෙක් උනාම ධර්මයේ හැසිරෙන්න බෑ. ඒ වගේම නිරයේ ගියාට ධර්මය හැසිරෙනවා කියලා එකක් නෑ .ඒ වගේම මනුස්සයෙක් වුවත් පිරිසිදු වූ ශ්‍රී සද්ධර්මය නැති කාලෙක හැසිරෙන්න ද? මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවක ධර්මයක් ලැබුණු වෙලාවේ නියම පිහිට පිළිසරණ ලබා ගන්නයි මහන්සි වෙන්න ඕනේ. එතකොට අපි ලැබුවාවූ සංසිඳීමක් නැත්ද? අපි ලබන්නාවූ සංසිඳීමක් නැති ඒ අනුව අප ලද සංසිඳී මෙන් ලත් සැපයක් ඇත්තේ ඒක අනිත් උදවියට වෙත්වා! ඥාතීන්ට වෙත්වා! කියලා අපි ධර්මය පැවසුවා. එතකොට අපට මෙතනින් එහාට ආර්ථික ප්‍රතිලාභයක් අවශ්‍ය නෑ. එතකොට එයාලා කෝටි ගණන් ධන සම්පත් පතුලේ හිටියත් එයාලට කෝටි ගානක් ධනය තිබුණත් ව්‍යාපාර කලා කුඹුරු තිබුණා යාන වාහන තිබුණා බොහෝමයක් විකුණලා මෙහෙණි ආරාම වලට ඒවා පූජා කරලා ඒවා ලස්සනට හැදුවා ඒ
විදිහට කරලා එයාලා පැවිදි වුණේ පැවිද්ද නිදහස වටිනාකම දන්න කෙනා සාදු සාදු කියලා අනුමෝදන් වුණා එය නොදන්න උඩින් මත්තෙන් බලන කෙනා කොහොමත් එයා ගරහා කළේ ධර්මය දන්නේ නැති නිසා නේ එයාලා ගරහලා අපාගත වෙනවා ඒක ඉතිං අපිට වළක්වන්න අමාරුයි ඒක තේරුම් ගත්තොත් හොඳයි.

ප්‍ර:
ලොකු හාමුදුරුවනේ එතකොට දරුවා මෙහෙණින් වහන්සේ සමඟ මෙහෙණින් වහන්සේ වැඩ සිටින තැන මං ඉන්නේ එහෙම ඉන්න පුලුවන්ද?

පි:
ඇත්තටම මහත්තයෝ මෙහෙණින් වහන්සේ සමග දරුවාට ඉන්න පුළුවන්. අපිට වැදගත් වන්නේ සමාජ කතාබහ වත් නෙමෙයි අද කාලේ කට්ටිය කියන එක වත් නෙවෙයි අපිට වැදගත් වන්නේ තථාගතයන් වහන්සේගේ පැනවීම. ඒකට හේතුව අපි භික්ෂූන් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේ පනවා තිබූ හරි ලස්සන කාරණයක් කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මෑණියන් එතකොට ගිහි කාලේ අඹු සැමියා විදිහට තමන්ගේ සැමියත් එක්ක ගත කරලා ඇවිල්ලා තමයි පැවිදි බව ලැබුවේ. දැනගෙන හිටියෙ නෑ කුසේ දරු ගැබක් පිහිටලා තියෙනවා කියලා අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාරනවා පුංචි දරුවා ඉපදුනාට පස්සේ එයා පිරිමි දරුවෙක් නම් උපසම්පදාව ලබා ගන්න වැඩිවියට පත්වන තුරු අම්මා භාරයේ තියාගන්න කැප කලා. එතකොට විනය කර්මයකින් මෙන්ම භික්ෂුණියක් පත් කරන්න කීවොත් ඒ කුටි සෙනසුණේ වාසය කරන්න එතකොට භික්ෂුණීන් දෙදෙනාට දරුවා ඇල්ලුවා කියලා
ශික්ෂාපද බිදෙන්නේ නෑ එතකොට ඒ භික්ෂුණින්ගේ කාලේ මේ වෙනකොට සාමණේරයන් ඉන්නේ භික්ෂුණීන් නෑ එතකොට මේ කාලේ ශික්ෂා පද අදාල නෑ ඒ පැනවීම තිබුණත් භික්ෂුණීන්ට කොහොමත් කැපයි. ඒ නිසා දරුවා වැඩිවියට පත්වන ආරණ්‍යයේ සාමාන්‍යයෙන් පොඩි දරුවෝ නම් පැවිදි කරන්නේ නෑ නමුත් ඒ දෙන්නට අනුග්‍රහ පිණිස ඥාති සංග්‍රහ පිණිස ඒ දරුවා ව මේ ආරණ්‍යයේ පැවිදි කර ගන්නවා. ඒ දරුවාගේ ගිහිකල පියාණන් ඉන්නවා ඒ වගේම ගිහි කළ මාමා වන මම එතකොට අපේ ධර්ම රැකවරණය යටතේ දරුවා ධර්මය තුළ දියුණුවෙන් දියුණුවට පත් වෙයි. ඒ දරුවා කොච්චර ද කියන්නේ මේ වෙනකොටත් භාවනා කරනවා පුංචි සිද්ධියක් කියන්නම් මෙහෙණින් වහන්සේලා පැවිදි වෙලා ස්වාමීන් වහන්සේලා ගතකරන ප්‍රතිපදාවට කිලෝමීටර් විස්සක් විසිපහක් දුරින් සිටියත් ඒ මෙහෙණින් වහන්සේලා ඒ ආරාමය තුළ ගෙවනවා උදේ පාන්දර හතරට නැගිටලා බුද්ධ වන්දනාවක් කරනවා විනාඩි පහළොවක විස්සක වගේ සාමාන්‍යයෙන් අරුණළු වැටෙනකන්ම භාවනා කරනවා පහහමාර විතර වෙනකන්. එතකොට එදා දරුවාට කතා කරලා නෑ දරුවාට කතා නොකර මෙහෙණින් වහන්සේලා ටික භාවනා කරනවා එතකොට දරුවා හිමීට නැගිටලා ළදරුවාගේ පැත්තෙන් බැලුවොත් අම්මා නෑ අම්මා භාවනා කරනවා වෙන දරුවෙක් නම් අඬනවා කෑගහනවා එහෙම මෙයා පැත්තකට වෙලා බලා හිටියා මෙහෙණින් වහන්සේ ඇස් අරිනකොටම ළඟට ගිහින් කිව්වා අම්මත් එක්ක මං අද නම් තරහයි කියලා. ඇයි මගේ පුතා මෙහෙම කියන්නේ කියලා කිව්වා .ඇයි අම්මා මට නොකියා භාවනා කළේ ඇයි මාව එක්කගෙන ආවේ නැත්තෙ මුල ඉදලා මේ භාවනාව පටන් ගමු මුල ඉදලා මේ භාවනාව කරගෙන යමු අද .එච්චරටම ධර්මයට කැප වෙච්ච පුතෙක් .පැවිදි වෙන්න ඉන්නවා කියන කොට දරුවා බොහොම කැමැත්තෙන් ඉන්නේ පැවිදි වෙන්න නමුත් අපි ටිකක් වළක්වාගෙන ඉන්නේ පැවිදිවෙලා විකාල භෝජනා කරොත් කියලා. නමුත් සමහර අය කනවා කරන්න දෙයක් නෑ ඒකට එයාලා සිල්පද බිඳ ගන්නවා කියලා බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේලා වත් ධර්මයේ සැරිසරන භික්ෂූන් වත් නෑ නමුත් අපි ඒකට අවස්ථාව සලසලා දෙන්නේ නෑ අපි ළඟ පැවිදි වෙන කෙනෙකුට .පුංචි දරුවා වුණත් පැවිදි වුණා නම් ඒ සිල්පදේ රැකගන්න ඕන ඒ නිසා අපි දරුවා විකාල භෝජනා ශික්ෂා පදය හුරු වෙන විදිහට ආහාර රටාවන් පුරුදු කරගෙන යන්නේ ඊළඟට තව එකක් තමයි දරුවා පැවිදිවෙන්න වෙද්දී එයාගේ අම්මත් එක්ක කියනවා අම්මේ එක පාරක් තවත් මොන්ටිසෝරි යන්න පුලුවන්ද කියලා ඒ වෙනකොට මෑණියන් වහන්සේ පැවිදි වෙලා නෑ ඇයි පුතා එහෙම අහන්නේ එතකොට අම්මේ මං නිරයෙන් නිදහස් මම අපායෙ යන්නෙ නෑනේ. මම ධර්මය පුරුදු කරනවානේ එතකොට මේ පණිවිඩය මගේ යාළුවන්ටත් කියන්න ඕනේ නැත්නම් එයාලා නිරයේ යයි නේ ඒ නිසා මේ පණිවිඩය කියලා එන්න මං එක පාරක් තව එහෙට යන්නම් කිව්වා අම්මා හොඳයි පුතේ කිව්වා අන්න එහෙම සාමාන්‍ය දරුවාට දෙයක් දුන්නොත් වෙන දරුවෝ ආස්වාදයෙන් ඉක්මනින්ම වැළදගන්නවා. මෙයා කරන්නේ අම්මේ මේ දෙයින් පුතාට වෙන හානිය මොකක්ද? කියලා ඉස්සෙල්ලාම අහන්නේ ආදීනව විමසලා තමයි ඒක අතට ගන්නේ එතකං අල්ලගන්නෙ නෑ එච්චර ධර්මානුකූල දරුවෙක් ගැන අධර්මානුකූල සිතුවිලි රටාවක් ගොඩනගා ගත් ඇතැම් පිරිස් චෝදනා කරනවා ඒක හරියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ අගෝතයෙක් යම් කිසි කෙනෙකුට චෝදනා කරනවා නම් අගෝතයෙන් යමකුට සාප කරනවනම් උඩු සුළඟට විසි කරපු දූවිල්ලක් වගේ අපි ඔවුන් මතට පතිත වෙනවා.ඒ නිසා මේක භයානකයි නොදැන නොවිමසා කිසි කෙනෙකුට දොස් කියන්න එපා ඒ නිසා මනා කොට දහම් පද කියන සත්‍යවාදී මිනිසුන් මේ ලොව බිහි වේවා සත්‍ය පැමිණිලා උතුම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරගෙන හැමදෙනාම දුකින් නිදහස් වේවා!

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝ කිහිපයක් පහත වීඩියෝව තුළින්,

Exit mobile version