උතුරු – නැගෙනහිර හර්තාල්.

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා ඇති බව වාර්තා වේ.

දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම හර්තාල ව්‍යාපාරය දියත් කර ඇති බව වාර්තා වෙයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක බව සදහන්.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීම නතර කිරීම සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය කැඳවා තිබේ.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි පාසල් පැමිණි බවට වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකය.

හර්තාලය හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ කඩ සාප්පු වසා තිබුණද අනෙකුත් සියලු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අයුරු දැකගැනීමට හැකිවූ බව සදහන්.

Exit mobile version