උතුරු කොරියාව සිය පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය මුර සංචාරක බල ඇණියට.

උතුරු කොරියාව සිය පළමු මෙහෙයුම සඳහා උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය මුර සංචාරක බල ඇණියට පවරා දී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ හිරෝ කිම් කුන් ඕක් 841 ලෙස නම් කර ඇති බවත් , මෙම සබ්මැරීනය කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර මුහුදු තීරයේ මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීමට නියමිත බවත් ය.

මෙය දියත් කිරීමේ උත්සවයට සහභාගී වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් උපායශීලී න්‍යෂ්ටික අවිවලින් සමන්විත තවත් දිය යට සහ මතුපිට යාත්‍රා නාවික හමුදාව වෙත ලබා දීමට පොරොන්දු වී තිබෙන අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කිරීම හදිසි කාර්‍යයක් ලෙස සලකා බවන බවයි.

Exit mobile version