වයඹ පළාත ගුරු පුරප්පාඩු 5000 ඉක්මවයි.

වයඹ පළාත තුළ පමණක් විදුහල්පති පුරප්පාඩු 697 ක් සහ ගුරු පුරප්පාඩු 5098 ක් පවතින බවත් , වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08ක සහ කොට්ඨාස 31 ක මෙම පුරප්පාඩු පවතින බවත් විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අවසන් බඳවා ගැනීම්වලින් පසුව වසර තුනක කාලයක් ගත වූවත් මෙම පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාග පවත්වා සේවයට බඳවා ගැනීම් සිදු කර නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version