නෝටන්බ්‍රිජ් ,විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි.

මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශයන්ට 26 හා 27වන දිනවල සවස් කාලයන් තුලදි පැවති වැසි සමග නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (28) උදෑසන සිට නැවත වාන් දැමිම ආරම්භ වී ඇත.

මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ පසු ගිය දින දෙක තුලදි සවස් කාලයේ පැවති වැසි සමග මෙම ජලාශයේ ජලය වාන් දැමීම ආරම්භවි ඇති බවත්ය.

මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලීමත් සමග කැළණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version