අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවේ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
සැකකරු සන්තකයේ තිබී එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර එම නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .
23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබේ .
එහිදී දෙදෙනා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඡායාරූප ද ලබාගෙන තිබේ .
පොලීසිය පවසන්නේ සැකකරුගේ නොගැලපීම් හේතූන් මත පැමිණිලිකාරිය සැකකරුව මගහැර ඇති බවත් , ඊට උරණ වී තිබූ සැකකරු ඇයගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක් A4 කොළයකට විශාල කර පැමිණිලිකාරිය පදිංචි නිවසේ ගේට්ටුවෙ අලවා ඇති බවත් ය.
එය දුටු පැමිණිලිකාරිය එයත් රැගෙන පැමිණකරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ .
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ කටයුතු පවත්වනු ලබයි.
