ඔබාමාගේ සූපවේදියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට – මළ සිරුර සොයා ගැනේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ගේ පෞද්ගලික සුපවේදියා වූ
ටෆාරී කැම්බල් නම් පුද්ගලයා මැසචුසෙට්ස්
ප්‍රාන්තයේ විලක ගිලී අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

45 හැවිරිදි කැම්බල් එම විලෙහි විනෝද වෙමින් සිටින අතරතුරේදී මෙලෙස දියේ ගිලී ඇති අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට දින දෙකක් පමණ ගත වූ බව සඳහන් වේ.

මෙම විල බැරක් ඔබාමාගේ නිවස ආසන්නයේ පිහිටා ඇති අතර කැම්බල් ධවල මන්දිරයේ සුපවේදියෙක් වශයෙන් සේවය කර තිබේ . හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් 2016 වසරේදී ඉවත්ව යනවිට කැම්බල් හිටපු ජනපති ට සේවය කිරීම සඳහා ඔහුද ධවල මන්දිරයේ සේවයෙන් ඉවත් වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version