මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදු කිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධය්‍යස්ථාන වලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරුණ ශාන්ත මහතා,
“ඇත්තමට පදික වේදිකාවේ එළවළු විකුණනවා කියන එක මේ වෙලාවේ සුදුසු කටයුත්තක් නෙමෙයි. මම ඇමතිතුමා එක්ක සාකච්ඡා කළා. එතුමා කිව්වා අවුරුදු කාලය වෙනතුරු විතරයි මේක කරන්නේ කියලා. නමුත් ආර්ථික මධ්‍යස්ථානවල අද ව්‍යාපාරිකයෝ බොහොම අමාරුවෙන් යන්නේ. හැම ආර්ථික මධ්‍යස්ථානයක වගේම මැනිං වෙළෙඳපොළෙත්. අනවශ්‍ය තීරණයක් ගත්තේ මේ වෙලාවේ… එළවළුයි, අනෙක් නිෂ්පාදනයි විකුණන්න තීරණය කිරීම.”
