Ocean Explorer නැමැති සුඛෝපභෝගී මගී නෞකාව ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයකදී ගිලෙමින් පවතින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත්තේ මෙම නෞකාව තුළ මේ වන විටත් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 206 දෙනෙක් සිටින බවයි.
ඒ අනුව ocean explorer නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව පිටත් කර යවා ඇති අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම යාත්‍රාවට තවමත් අදාළ නෞකාව වෙත ළඟා වීමට නොහැකි වී ඇති බව සඳහන් .
නමුත් Ocean Explorer නෞකාව හිමි සමාගම ප්‍රකාශ කරන්නේ අදාළ නෞකාව මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවරයන් ගෙන ඇති බවයි .
