එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට වැස්සෙන් බාධා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .

තරගය පැවැත්වීමට නියමිත ගුවාති හි බරස්පාරා ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ .

එමෙන්ම ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version