නිවාස ණය ගසා කෑ නිලධාරින්ට වැඩ වරදී.

නිවාස ණය මුදල් පෞද්ගලික  පරිහරණයට යොදාගත් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් තිදෙනකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේද සේවය අත්හිටුවා ඇති බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version