පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් සහ තවත් පිරිසක් අතර අද (02) ඇති වූ ගුටිබැට හුවමාරුවකින් දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්), දුම්රිය සේවකයකු සහ තවත් පුද්ගලයකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ .
දුම්රිය සේවකයින්ට පහරදීම සම්බන්ධයෙන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්‍රයා පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන් .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සාගර මාවතේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු සහ 23 හැවිරිදි පුද්ගලයකි.
ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ .