සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ වැටලීමකදී ගංජා අලෙවි කිරිමට උත්සාහ දැරූ පලෙයි (පලාලි) පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඔවුන් සතුව කේරළ ගංජා කිලෝ 2ක් තිබී ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 28 වන දා දක්වා බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ .
