වයඹ විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ සිසුන් අතර පැතිරී යන උණ, වමනය සහ පාචනය යන රෝගී තත්වය පාලනය කිරීම සඳහා අද(16) සිට සතියක් වසා තැබීමට තීරණය කළ බවට වයඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සිසුන් අතර පැතිරී යන මෙම රෝගී තත්ත්වය කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ සිසුන්ටද පැතිරීයාම වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බවට ඔහු වැඩිදුරටත් පවසයි.
මාකඳුර පරිශ්‍රය තුල ක්‍රියාත්මක පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සහ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන යන පීඨ දෙකෙහි 1800 කට ආසන්න සිසු සිසුවියන් සංඛ්‍යාවක් අධ්‍යන කටයුතුවල නිරතවන බවත් මේ වනවිට ඔන්ලයින් තාක්ෂණය හරහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කර තිබේ.
පැතිරී යන රෝගී තත්ත්වය පාලනය වූ වහාම නැවත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීම සඳහා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු සැලසුම් කර ඇති බවත් ඔහු පවසා තිබේ.
