කෝටි හතරක අයිස් සමඟ අයෙක් දැලේ.

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ     පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 4 ක් සහ හෙරොයින් ග්‍රෑම් 195 මිලිග්‍රෑම් 100ක් සොයා ගත් බව සඳහන්.

සැකකරු බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් සොයා මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version