ගජමුතු සමඟ අයෙක් දැලේ.

පස්සර පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බදුල්ල ගල්කඩුව ප්‍රදේශයේ දී ඊයේ (6) පස්වරුවේ සිඳු කළ වැටලීමක දී ගජමුතු පහක් සිය සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් බව සඳහන්.

වැඩි දුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බදුල්ල පොලීසිය වෙත භාර දී තිබේ.

Exit mobile version