පහර කෑමෙන් අයෙක් ජීවිතක්ෂයට.

පලෙයි , මුහමාලේ ප්‍රදේශයේ දී පහර දීමකට ලක්ව රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඊයේ (03) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පලෙයි පොලීසිය සඳහන් කර ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුව ඇති බවයි.

මෙලෙස පහර දීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් වන අතර අදාළ පහර දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා පලෙයි පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version