ගසකින් වැටී අයෙක් මරුට.

කොක්කඩිචෝලයි පොලිස් වසමේ පනිච්චඩි මුන්මාරි ප්‍රදේශයේ දී පුද්ගලයකු ගසකින් වැටී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි තික්කෝඩය,වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා ඔහුගේ ඉඩමක තිබෙන සියඹලා ගසකට නැග ගසේ අතු කපමින් සිටියදී අත්තක් හිසේ වැදී ගසෙන් බිමට ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව කොක්කඩිචෝලයි පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version