කඩු පහරින් අයෙක් ජීවිතක්ෂයට.

පානදුර වෑකඩ ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතළ තුවාල ලැබූ අයෙක් ඊයේ (31) ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

සැකකරු ත්‍රී රෝද රථයකින් පැමිණ අදාළ පුද්ගලයාට කඩුවෙන් පහර දීමට උත්සාහ දැරීමේ දී එම පුද්ගලයා පෞද්ගලික ඇඟලුම්හලක භූමියකට දිව ගොස් තිබේ. එම අවස්‍ථාවේ දී  අදාළ පුද්ගලයා පසුපස ලුහුබැඳි සැකකරු එම ස්ථානයට ගොස් මෙම ඝාතනය සිඳු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිඳු කරන පානදුර දකුණ පොලිසිය සඳහන් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝදරවිල තට්ටු නිවාසවල පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිඳු කර තිබේ. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිඳු කිරීමට නියෝග කළ බව සඳහන්.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version