හසලක අඹගහපැලැස්ස ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ පුද්ගල ඝාතනයක් සිදුව ඇති බවට වාර්තා වේ.
අඹගහපැලැස්ස පාසල අසල මාර්ගයේදී පුද්ගලයකු වැටී සිටින බවට හසලක පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට යන විටත් අදාල පුද්ගලයා මිය ගොස් ඇති බව සදහන්.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා මෙම ඝාතනය සිදු කළ බවට තොරතුරු අනාවරණය වන අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සදහා යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර හසලක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
