කොටි සැඟවූ ආයුධ සොයා දින 3 ක් මෙහෙයුම් .

මුලතිව් , වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා දින 03ක් පුරා සිදුකරන ලද කැනීම්වලදී මෙතෙක් කිසිවක් හමු නොවූ බව වාර්තා වේ .

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා නිලධාරීන්, මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාමසේවක, අධිකරණ වෛද්‍ය, පොලීසිය සහ පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන් මෙම කැනීම් අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

පසුගිය 25 වනදා හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් පසුව 25 වනදා සිට කැනීම් කටයුතු ආරම්භ කළ නමුත් 25 සහ 26, 27 යන දිනයන්හි සිදුකරන ලද කැනීම් වලදී කිසිවක් හමු නොවීමෙන් කැනීම් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ .

කෙසේ වෙතත් දින 3ක් පුරා පස්කපන යන්ත්‍ර ද යොදාගනිමින් කැනීම් සිදුකල අතර එහිදී අඩි 30 කට වැඩි ගැඹුරක් සහ අඩි 15 කට ආසන්න පලළකින් යුතු වලක් හෑරුවද කිසිවක් හමු වී නොමැති බව සඳහන් .

Exit mobile version