හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම නැවතිලා.

නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතරවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තු සභා කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළ බව වාර්තා වේ .

මේ ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් දුෂ්කරතාවට පත්ව සිටින බවත් , ශල්‍යකර්ම කර ගැනීම සඳහා අද ඔවුන්ට මාතරට , ගාල්ලට යෑමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා නොදන්වා පිටරට ගොස් ඇති බවත් , රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතරවී ඇත්තේ මේ නිසා බවත් , මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමුකර හම්බන්තොට රෝහලට නිර්වින්දන වෛද්‍යවරයකු වහාම ලබාදීමට කටයුතු කිරීමට තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ය.

Exit mobile version