නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් ජාතික රෝහලේ විශාල රෝගීන් සංඛ්‍යාවකගේ සැත්කම් කටයුතු ප්‍රමාද බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර තිබේ.
නමුත් නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් එලෙස සැත්කම් ප්‍රමාදයක් සිදුව නොමැති බවත් , වෙනත් සමාගමකින් ගෙන්වන ලද නිර්වින්දන ඖෂධ තොගයක් අද (21) දිනයේ සැත්කම් සඳහා භාවිතා කළ බවත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ .
