ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළෙදසැල් සොයා විශේෂ වැටලීම් ක්‍රියාත්මක බවට වාර්තා වේ.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහල දැමූ භාණ්ඩ බොහොමයක මිල ගණන් පහල බැස ඇති මුත් තවමත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ විකුණන වෙළදසැල් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් එම වෙළෙදසැල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බවට පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.
