මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමකට අනුව ජංගම දුරකථනයක් මිලදී ගැනීමට ගිය තරුණයන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයින් සොයා පිටිගල පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පිටිගල පොලිස් වසමේ වත්තහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයන් දෙදෙනාගේ යතුරුපැදිය නවත්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සදහන්.
පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ තරුණයින්ගෙන් සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බවයි.
